Breaking News

හිරු අතහැර අලිරාජාගේ කටු කන්න ගිය උපේන්ද්‍ර ඇතුළු නඩයට වැඩ වරදි


ලයිකා සමූහ ව්‍යාපාරයේ හිමිකරු ආන්දෝලනාත්මක ධන කුවේරයෙකු වන අල්ලිරාජා සුබාස්කරන්ගේ ශ්‍රී ලංකාව තුල ස්ථාපනය කල නවතම ඩිජිටල් මාධ්‍ය මෙහෙයුම වන "මොණරා" මේ වන විට ලත් තැනම ලොප් වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. හිරු මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක වශයෙන් කලක් සේවය කල උපේන්ද්‍ර හේරත් මහතාගේ මුලිකත්වයෙන් මීට මාස කිහිපයකට පෙර ඇරඹුණ මොණරා වෙබ් පිටුව සහ ඊට අදාල සමාජ මාධ්‍ය ජාලා පිටු මේ වන විට අයාලේ යන ස්භාවයක් පෙන්නුම් කරයි. 

මෙයට හේතු වී ඇත්තේ ආයතන පරිපාලනයේ ඇති නොසන්සුන්භාවය සහ මොණරා කණ්ඩායමට අලුතෙන් එකතු වූ පිරිසට එම ආයතනයේම දමිළ වෙබ් අඩවි පවත්වාගෙන යන සේවක කණ්ඩායම විසින් සිදු කරනු ලබන නොමනා ක්‍රියාකාරකම් බව අසන්නට ලැබේ. මේ හේතුවෙන් හිරු මාධ්‍ය ජාලයෙන් උපේන්ද්‍රගේ කීමට වැඩි වැටුප් වෙනුවෙන් පැමිණි දසදෙනුකට වැඩි පිරිසක් මේ වන විට යන එනමන් නැතිවී කරකියා ගත නොහැකි තත්වයකට පත්ව ඇත. මේ සියලු දෙනා පත්වීම් ලබා ඇත්තේ  SouthEye නැමැති ආයතනයකට වන අතර එම ආයතනය එක්සත් රාජධානියේ සිට ක්‍රියාත්මක වන බව කියවේ. මේ තත්වය යටතේ යම් සේවක පිරිසක් නැවතත් හිරු මාධ්‍ය ජාලය වෙත සම්බන්ධ වීමට උත්සහ ගනිමින් සිටින බවට ද තොරතුරු වාර්තා වේ. නමුත් මේ පිළිබඳව හිරු සභාපති රේනෝ සිල්වා මහතා යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැත. 

කොටින්ට තාමත් සල්ලි එකතු කරන අලිරාජා


සියල්ල මෙසේ සිදු වෙමින් පවතින මොහොතක තත්වය තවත් දරුණු අතට හැරෙන්නේ උපේන්ද්‍ර හේරත් මහතාට උඩින් නව චරිතයක් මේ ඩිජිටල් මෙහෙයුම සදහා පත්කිරීමත් සමගයි. මෑතකදී පොලිටිකල් අසයිලම් කාණ්ඩය යටතේ ලංකාවෙන් බැහැරව ප්‍රංශයේ පදිංචියට ගිය, මීට ඉහත  හිරු මාධ්‍ය ජාලයේ ඩිජිටල් මෙහෙයුම් බාරව කටයුතු කල මධුක තක්සල නැමැත්තෙකු උපේන්ද්‍රටත් උඩින් මොණරා ගොඩදාන්නට උපදේශකවරයෙකු ලෙස පත්කර ඇත. මධුක කලක් මාධ්‍යවේදියා නැමැති වෙබ් අඩවිය පවත්වාගෙන ආ අතර ඔහු 2015 ට පෙර එක්සත් රාජධානියේ සිට මෙය පවතවාගෙන යන ලදී. මේ මොහොතේ ආණ්ඩුවට පක්ෂග්‍රාහී වන අයුරින් මොණරා පවත්වාගෙන යෑමට අවශ්‍ය බවත් ඒ සදහා කලක් තමන්ගේ මාධ්‍ය ලේඛම්වරයෙක් වූ මධුක මේ සදහා තමන්ගේ පාර්ශවයෙන් යොදා ගන්නා ලෙසට ඉල්ලීම් කර ඇත්තේ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා විසිනි.

හිරු අතහැර පාටී දැමූ උපේන්ද්‍ර ඇතුළු නඩය


තවද හිරු ඩිජිටල් මාධ්‍ය අංශයේ විශාල පිරිසක් එක දිනයක් තුලදී උපේන්ද්‍රගේ කීමට ඉල්ලා අස්වීම් ලබාදී මොණරා හා එක්වූ අතර, ඔවුන් දැන් පවසන්නේ තමන් සේවය කිරීමට අප්‍රිය කරන මධුක හා නැවත සේවය කිරීමට සිදුවීම තමන්ට සිදුවූ දෛවයේ සරදමක් බවයි. හිරු මාධ්‍ය ජාලයේ තමන්ට පහලින් සිටි මධුකට දින කීපයක් තුලදී බොස් කීමට සිදුවූ උපේන්ද්‍ර මේ වන විට ගලේ පහරපු බළලෙකු මෙන් සිටින බව අසන්නට ඇත.

හිරු අතහැර පාටී දැමූ උපේන්ද්‍ර ඇතුළු නඩය