Breaking News

බෙහෙත් විසවී මියගිය පුද්ගලයාගේ රුධිර සාම්පල විදෙස් රටකට



ප්‍රතිජීවක ඖෂධයක් ලබාදීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලේදී රෝගියෙකු මියයාමේ සිද්ධිය පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අදාළ මරණය පිළිබඳව ඊයේ (28) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මේ තීරණය ගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජි. විජේසුරිය මහතා සඳහන් කළේ ය.

එම සාකච්ඡාවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහභාගි වී තිබේ.

රෝගියාගේ රුධිර පටල හා අනෙකුත් ද්‍රව්‍ය විදේශ රටකට යවා රෝගියාගේ රසායනික සංයුතිය පරීක්ෂා කිරීමට තීරණය කළ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය.

මේ අතර මෙම මරණයට හේතුව ආසාත්මිකතාවක් බව පෙනී යන්නේ යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජී. විජේසූරිය මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ඊයේ (28) සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඒ පිළිබඳ සැකයක් මතුව ඇති බවයි.

කැපුම් තුවාලයකට ප්‍රතිකාර ලබාගැනීමට වරකාපොළ සිට පැමිණි 50 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මිය ගියේ ප්‍රතිජීවක ඖෂධයක් ලබාදීමෙන් අනතුරුවයි.