Breaking News

විදෙස්ගතව සිටි පිරිසක් අදත් දිවයිනට






කුවේටයේ රැකියා සඳහා ගොස් මෙරටට පැමිණිමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 118 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.


ඊයේ (08) මධ්‍යම රාත්‍රියේ කුවේට් හි සිට විශේෂ ගුවන් යානයකින් එම පිරිස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව වාර්තාකරු පැවසුවේය.

 

පැමිණි පිරිස අතරින් වැඩි සංඛ්‍යාවක් එරට ගෘහ සේවය සඳහා ගොස් සිටි කාන්තාවන් බව වාර්තා වේ.


යුද හමුදාව විසින් එම ශ්‍රී ලාංකිකයින් පිරිස නීරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ.


මේ අතර ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන 104 ක පුද්ගලයන් 10,000ක් පමණ තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.