Breaking News

ගානියා බැරිස්ටර් ට මහාධිකරණය හමුවේ අධිචෝදනා

 





කිසියම් පිරිසක් විසින් තමන්ව පැහැරගෙන ගොස් ලිංගික හිරිහැර කළ බවට අසත්‍ය පැමිණිල්ලක් සිදුකළේ යැයි චෝදනා එල්ල වී සිටින කොළඹ පිහිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තියට අද (09) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දෙනු ලැබීය.


එම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තිය අධිකරණය හමුවේ පෙනී සිටියේය.


ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍ර විත්තිකාරියට භාරදීම සිදුකෙරුණි.


අනතුරුව විත්තිකාරිය පෙර ඇප මත මුදා හැරීමටත් අධිකරණය නියම කළේය.


අනතුරුව නඩුව ජුනි මස 4 වනදා කැඳවීමට ද නියම කෙරුණු අතර එදින විත්තිකාරිය අධිචෝදනා පත්‍ර කියවා දී නඩු විභාගය සඳහා දින නියම කිරීමට නියමිතය.


2019 වසරේ නොවැම්බර් මස තමන්ව කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ලිංගික හිරිහැර කළ බවට අසත්‍ය පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිදුකළ බවට චෝදනා කරමින් එම විත්තිකාරියට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබේ.