Breaking News

දේශපාලන පළිගැනීම් පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවට

 






දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීමට සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අද (09) උදෑසන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.


පාර්ලිමේන්තු රැස්වීම් දින දෙකකට සීමා කර ඇති අතර එහි පළමු දිනය අද උදෑසන 10.00 ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.


එහිදී සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.