Breaking News

රම්බෝ ඉවත්කිරීමට විරෝධය

 







"රම්බෝ“ නමින් ප්‍රසිද්ධියට පත් උඩවලව ජාතික වනෝද්‍යානයේ සැරිසරන වනඅලියෙකු වෙනත් ස්ථානයකට රැගෙන යාමට වනජීවි නිලධාරීන් ගෙන ඇති තීරණයට විරෝධය පළකරන බව පරිසරවේදීන් පවසයි.


කෙසේ වෙතත් එම වනඅලියා අද (31) හොරොව්පතාන අලි සංරක්ෂණාගාරයට රැගෙන යාමට නියමිතව තිබුණි.


උඩවලව ජලාශයේ බැම්ම අසලින් යන ඕනෑම කෙනෙකුගේ ආදරය මේ දැවැන්තයා හිමිකර ගෙන තිබේ.


උඩවලව ජාතික වනෝද්‍යානයේම ඉපිද වනෝද්‍යාන මායිමේ විදුලි වැට ආසන්නයට පැමිණ මිනිසුන් ලබාදෙන ආහාර ගැනීමට පුරුදුව සිටින මේ සද්ධන්තයාට වයස අවුරුදු 50කි.


මේ වනතෙක් කිසිදු ජීවිත හෝ දේපල හානියක් සිදුකර නැතත් “රම්බෝට“ අද ඔහුගේ සුපුරුදු වාසස්ථානයට සමුදීමට සිදුව ඇත.


වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අප කළ විමසීමකදී එහි නිලධාරියෙක් සඳහන් කළේ, වනඅලියා අල්ලාගැනීමට මේ වනවිටත් කණ්ඩායමක් පිටත්ව ගොස් ඇති බවය.


කෙසේවෙතත් එම වනඅලියා හොරොව්පතාන අලි සංරක්ෂණාගාරයට රැගෙනයාම අනතුරුදායක බව පරිසරවේදීහූ පෙන්වාදෙති.