Breaking News

කෙහෙළිය ජනාධිපති අරමුදලේ මිලියන 20 ක් ගැනීම පිළිබඳ පරීක්ෂණ යට යයි !

 


ඕස්ට්‍රේලියාවේ සුපිරි හෝටලයට  ගණිකාවන් කිහිප දෙනෙකු සමඟ පැවැත්වූ සාදයක් අතරතුරදී එම හෝටලයේ සඳලුතලය කඩාගෙන  බිමට වැටීමෙන් සිදුවූ අනතුරට ප්‍රතිකාර කිරීම සඳහා සිය  ජීවිත රක්ෂණයෙන් රුපියල් මිලියන 20ක් ලබාගෙන තිබියදී, ජනාධිපති අරමුදලින්ද රුපියල් මිලියන 20ක මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් වත්මන් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළලිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සිදුකලරමින් තිබූ පරීක්ෂණ වත්මන් පාලනය යටතේ  සම්පූර්ණයෙන්ම ඇණහිට ඇතැයි අනාවරණය වී ඇත. 

සාමාන්‍ය ජනතාවගේ රුපියල් ලක්ෂ 100ක් 200ක් වියදම් වන ශල්‍යකර්ම සදහා රුපියල් ලක්ෂ 5 හෝ 10 වැනි මුදල් ආදාර කිරීම සදහා පිහිටුවා ඇති  ජනාධිපති අරමුදල  පාරම්පරික කෝටිපති ධනවතෙකු වන කෙහෙළලියේ රඹුක්වැල්ලට රුපියල් මිලියන 20ක් ලබාදීම සහ ඔහු විසින් එම මුදලම සිය ජීවිත රක්ෂණය මගින්ද ලබාගැනීම හරහා රුපියල් මිලියන 20ක වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් 2016 වසරේදී රංජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ කරන ලද අතර ඒ සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය විශේෂ විමර්ශණයක්ද ආරම්භ කරන ලදි. 

වත්මන් පාලනය බලයට පත්වීමත් සමඟ මෙම පරීක්ෂණ කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ. මේ පිළිබඳව කිසිදු ඉදිරි පියවරක් නොගෙන පරීක්ෂණ අවසන් කරන ලෙස ඉහළින් නියෝග ලැබී  ඇතැයිද වාර්තා වී ඇත.