Breaking News

රුපියල තව තවත් බාල්දුවේ

 





ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා රුපියලේ අගය වාර්තාගත ලෙස පහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තා අනුව පෙනී යයි.


ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (31) රුපියල් 202.04ක් ලෙස සඳහන් විය.


එහි ගැනුම් මිල රුපියල් 197.62 ක් ලෙසින් වාර්තා වන බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.


මහ බැංකු විනිමය අනුපාතික සටහනට අනුව මෙරට මූල්‍ය ඉතිහාසයේ ඩොලරයක විකුණුම් මිල රු. 202 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වේ.


මීට පෙර 2020 අප්‍රේල් 08 සහ 09 යන දෙදින තුළ දී පමණක් ඩොලරයේ විකුණුම් මිල රු. 200 සීමාව ඉක්මවා ගොස් තිබුණි.