Breaking News

LPL අවසන් තරගය - දකුණේ Gladiators සමඟ උතුරේ Stallions

 





ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් වුණා.


ඒ දඹුල්ල වයිකිං කණ්ඩායම ලකුණු 37 කින් පරාජය කරමින්.


පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 165 රැස්කර ගත්තා.


පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල වයිකිං කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 128ක් පමණයි.


මේ අනුව හෙට පැවැත්වෙන අවසාන මහා තරගයේදී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමග ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම තරග වදිනු ඇති.