Breaking News

පොලිස්පති මගේ උපදෙස් පිළිපැද්දානම් මහර ගැටුම ඇතිවෙන්නේ නෑ – නීතිපති

 





බන්ධනාගාරයේ තදබදය අඩුකිරීම සඳහා තමා ලබාදුන් මාර්ගෝපදේශ හා උපදෙස් කිසිවක් පොලිස්පතිවරයා ක්‍රියාවට නංවා නොමැති බව නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා ඊයේ (14 වැනිදා) පැවැසීය.


තමා විසින් ලබාදුන් මාර්ගපදේශ හා උපදෙස් පොලිස්පතිවරයා විසින් ක්‍රියාවට නැංවූයේ නම් මහර බන්ධනාගාර සිද්ධිය ඇති නොවන බවත්, එම නිසා බන්ධනාගාර සිරකරුවන් වැඩිවීම සම්බන්ධයෙන් තම දෙපාර්තමේන්තුව වගකීම භාර නොගන්නා බවත් නීතිපතිවරයා අවධාරණය කළේය.


නීතිපති දෙපාර්තමේන්තුවේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් නීතිපති දප්පුල ද ලිවේරා මෙසේද ප්‍රකාශ කළ බව අරුණ පුවත්පත වාර්තා කරනවා.


‘බන්ධනාගාරයේ සිටින පිරිස, වැඩි නිසා, එය අඩු කරන ලෙසට කොවිඩ් 19 වසංගත සමයේදී අවස්ථා දෙකකදී මා පොලිසියට උපදෙස් දුන්නා. අදාළ මාර්ගෝපදේශ සහ උපදෙස් පිළිපදින ලෙසට අප්‍රේල් මාසයේදී මා තදින්ම උපදෙස් ලබාදුන්නා. නමුත් පොලිස්පතිවරයා විසින් ඒ මාර්ගෝපදේශ සහ උපදෙස් කිසිවක් ක්‍රියාවට නංවා නැහැ. ඊට හේතුව මට අපැහැදිලියි.


වසර 136ක් පැරණි නීතිපති දෙපාර්තමේන්තුව සුවිශේෂී කාර්යයක් ඉටුකළද, නිලධාරීන් අවශ්‍ය ප්‍රමාණයට නැහැ. ගොඩනැගිලි කොතෙක් පැවැතුණත් නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින්නේ 236ක් වැනි අඩු නිලධාරීන් සංඛ්‍යාවක්.


කොවිඩ් 19 තත්ත්වය යටතේ වුවද මා නිවසේදී දිවා රෑ නොබලා නඩු ලේඛනවලට අත්සන් තබමින් කටයුතු කළත් පොලිසිය නිසි පරිදි කටයුතු කර නැහැ.