Breaking News

ඉදිරි මාස 06 කොවිඩ් වසංගතයේ දරුණුතම කාලයයි – බිල් ගේට්ස්

 





ඉදිරි මාස හතරේ සිට හය දක්වා කාලය Covid -19 ගෝලීය වසංගතයේ වඩාත් දරුණුතම කාලය වනු ඇති බවට මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල්ගේට්ස් අනතුරු අඟවනවා.


Covid -19 වෛරසයට එරෙහි එන්නතක් නිපදවීම සඳහා සිය පදනම මගින් ඩොලර් මිලියන ගණනක් පරිත්‍යාග කළ බිල්ගේට්ස් සඳහන් කළේ ආරක්ෂණ පියවර නොගතහොත් ඉදිරියේදී තවත් දෙලක්ෂයකට අධික ජීවිත හානි වීමට ඉඩ ඇති බවයි.


මේ නිසා මුව ආවරණ පැළදීම හා ඒවා හුවමාරු කර නොගැනීම මෙන්ම, දුරස්ථභාවය රැකීම වැනි පුරුදු තුලින් එම අතිරේක මරණ වළක්වා ගත හැකි බව බිල්ගේට්ස්ගේ අදහසයි.