Breaking News

ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන ඇතුළත් තවත් ලැයිස්තුවක් තහනම්

 





වරක් භාවිත කර, ඉවතලන ප්ලාස්ටික් හා පොලීතීන් නිෂ්පාදන වර්ග ඇතුළත් තවත් ලැයිස්තුවක් ලබන අප්‍රේල් වන විට තහනම් කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර තිබේ.


පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ පසුගියදා තහනම් කෙරුණු ප්ලාස්ටික් හා පොලීතීන් නිෂ්පාදන වර්ග 6 සඳහා වන ගැසට් නිවේදනය ලබන පළමු වැනිදා නිකුත් කෙරෙන බවයි.


ඒ අනුව ඉවතලන සැෂේ, කොට්න් බඩ්, ලන්ච්ෂීට් වැනි පොලීතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග හයක් භාවිතය තහනම් වන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.