Breaking News

ගම්පහ නැවතත් කොවිඩ් හිස ඔසවයි!

 





ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 130 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

එම ආසාදිතයින්ගෙන් 35 දෙනෙකු දිවුලපිටිය ප්‍රදේශය ආශ්‍රිතව වාර්තා වන බව සඳහන්ය.

පසුගිය 28 වන දින දිවුලපිටිය ප්‍රදේශයේ පුද්ගලයින් 202 කු අහඹු ලෙස පී.සී.ආර් පරීක්ෂණයට ලක්කර ඇති අතර ඉන් 35 දෙනෙකු මෙලෙස කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරති.

දිවුලපිටිය ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරන්, වෙළෙඳසැල් හිමිකරුවන්, ඇඟලුම් සේවකයින් ඇතුළු විවිධ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි මෙම පීසීආර් පරීක්ෂණ සිදුකර තිබේ.

කොවිඩ් නයින්ටීන් දෙවන රැල්ල ආරම්භය සටහන් වූ පසුගිය ඔක්තෝබර් 3 වන දින සිට දිවුලපිටියි ප්‍රදේශයෙන් එකවර වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මෙය වන බව සෞඛ්‍ය අංශ සඳහන් කරති.