Breaking News

තවදුරටත් වැඩිම ආසධිතයින් කොළඹින්!

 






මහනුවර සහ අම්පාර යන දිස්ත්‍රික්කවලින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් තිබේ.


කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, ඊයේ (30) දිනයේ පමණක් මහනුවර දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 41 දෙනෙකු හඳුනාගෙන ඇති බවය.


අම්පාර දිස්ත්‍රික්කයෙන් ද නව ආසාදිතයින් 28 දෙනෙකු හඳුනාගෙන තිබේ.


ඊයේ දිනය තුළ නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 503 දෙනෙකු හඳුනාගැනුණු අතර ඉන් වැඩිම පිරිසක් වන 147 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.


මේ අතර ඊයේ දිනය තුළ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 28 දෙනෙකු, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 25 දෙනෙකු, පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 19 දෙනෙකු සහ යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 11 දෙනෙකු හඳුනාගෙන තිබේ.