Breaking News

කුලියාපිටියත් වසා දමයි!

 





කුලියාපිටිය ප‍්‍රදේශයේ ගම්මාන 04කට සංචරණ සීමා පනවා ඇත.

පල්ලෙවෙල, ඌරුපිටිය, ගයියාල, ඇන්නරුව යන ගම්මාන සදහා මෙම සීමාවන් පනවා තිබේ.

එම ප‍්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් 11 දෙනෙකු වාර්තා වීම මත මෙම තීරණය ගෙන ඇත.

කුලියාපිටිය ප‍්‍රදේශයේ දේවස්ථානයක පැවති මංගල උත්සවයක් සදහා මෙම පිරිස සහභාගී වී ඇති අතර එහි මනාලයා ඇතුළු සිවු දෙනෙකු කොරෝනා ආසාදිතයන් යයි හෙලිවිය.