Breaking News

මිනුවන්ගොඩ පොකුර නිසා රෝහල් ඇදන් අන්තිම සීමාවේ!

 





කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් අද දිනයේ නිකුත් කර ඇති දෛනික වාර්තාව මෙසේය.

අද (19) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් හැට තුන් දෙනෙකු (63) හඳුනාගෙන ඇත.

එම පුද්ගලයින් හැට තුන් දෙනා (63) අතරින් විදේශයන්හි සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන තුල නිරෝධායන කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් ගණන දෙදෙනෙකු (02) වන අතර ඔවුන් අතරින් ජපානයේ සිට මෙරටට පැමිණ හොටෙල් ඊඩ්න් ගාර්ඩ්න් නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්ථා වේ.

ඉතිරි පුද්ගලයින් හැට එක් දෙනා (61) මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවය කරන පුද්ගලයින් ළගින් ඇසුරු කළ පුද්ගලයින් වේ.

මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ කොවිඩ් පොකුරේ අද (19) දින උදෑසන වන විට  සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 2,077 දෙනෙකු වේ. ඉන් පුද්ගලයින් 1,041 දෙනෙකු එම ඇඟලුම් කම්හලේ සේවකයන් වන අතර අනෙක් පුද්ගලයින් 1,036 දෙනා එම කම්හලේ සේවකයන් ළඟින් ඇසුරු කළ පුද්ගලයින් වේ.

පළමු සතිය තුළ (05 – 11)      –           1186

පළමු සතිය තුළ (12 – 18)      –           830

ඔක්තෝබර් 19 වන දින           –           61 (උදෑසන 0600 වන විට)

 එකතුව                                   –           2,077*

අද (19) දින උදෑසන UL 455 දරණ මගී ගුවන් යානය මගින් ජපානයේ නරිටා සිට පුද්ගලයින් දස දෙනෙකු (10) මෙරටට පැමිණ ඇත. එසේ පැමි‍ණි පුද්ගලයින් සියළුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

අද (19) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් දෙසිය පස් දෙනෙකු (205) තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව ඇත. ඒ අනුව, ආයුර්වේද රාජගිරිය නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් තිස් හත් දෙනෙකු (37) ද, හොටෙල් ජෙට්වින් සී නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් හතලිස් දෙනෙකු (40) ද, මන්දාරා රිසෝට් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් පනස් දෙනෙකු (50) ද, දික්වැල්ල රිසෝට් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් හැත්තෑ අට දෙනෙකු (78) වශයෙන් වේ.

එසේම, අද (19) දිනය වනවිට පුද්ගලයින් 54,328 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.

එසේම, අද (19) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 83 ක් තුළ පුද්ගලයින් 9,287 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

ඊයේ (18) දිනය තුලදී PCR පරික්‍ෂණ 9,838 ක් සිදුකර ඇති අතර, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්‍ෂණ 383,961 ප්‍රමාණයක් සිදුකර ඇත.

අද (19) දින උදෑසන 0600 වනවිට පුද්ගලයින් අට දෙනෙකු (08) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර, එම පුද්ගලයින් අට දෙනා (08) අතරින් පුද්ගලයින් පස් දෙනෙකු (05) විදේශිය රටවලින් මෙරටට පැමිණ නිරෝධායන කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් වන අතර, ඉතිරි පුද්ගලයින් තිදෙනා (03) මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවය කරන පුද්ගලයින් ලෙස වාර්ථා වේ.

– කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය