Breaking News

බස් සහ දුම්රියේ ආදායම් සීඝ්‍රයෙන් පහළ වැටෙයි!

 



කොරෝනා ව්‍යාප්තිය හමුවේ දුම්රිය හා බස් රථවල ගමන් ගන්නා සංඛ්‍යාව සීඝ්‍රයෙන් අඩුවී ඇති බව ප්‍රවාහන බලධාරීන් පවසයි.

දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, දුම්රිය දෙපාර්තමේන්තුවේ දෛනික ආදායම රුපියල් ලක්ෂ 190 සිට රුපියල් ලක්ෂ 140 ක් දක්වා අඩුවී ඇති බවයි.

මගීන් නොමැති වීම හේතුවෙන් ඇතැම් දුරගමන් සේවා දුම්රිය අවලංගු කිරීමට සිදුව ඇති බවද ඔහු පැවසුවේ ය.

මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච් පණ්ඩුක මහතා සඳහන් කළේ, සිය දෛනික ආදායම මිලියන 74ත් මිලියන 80ත් අතර තිබූ ආදායම මේ වනවිට මිලියන 44 දක්වා පහළ ගොස් ඇති බවයි.

පසුගිය 07 වනදා සිට මේ දක්වා කාලය තුළ රුපියල් මිලියන 210 ක අලාභයක් ගමනාගමන මණ්ඩලයට සිදුව ඇතැයි ද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ ය.

ආදායම පහළ වැටීමෙන් දැඩි අර්බුදයකට පත්ව ඇත්තේ පෞද්ගලික බස් රථ සේවකයින් ය.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, පවතින තත්ත්වය යටතේ තම ආදායම පහළ වැටී ඇති බවයි.