Breaking News

දිස්ත‍්‍රික්ක 16 කින් කොරෝනා ආසාදිතයන් හමුවී තිබෙනවා! - හමුදාපති

 





දිස්ත්‍රික්ක 16 කින් කොරෝනා ආසාදිතයන් හමුවූ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. ඔවුන් දිවුලපිටිය ඇගළුම් කර්මාන්ත ශාලාවේ ආශ‍්‍රිතයන් යයිද ඔහු පවසයි.

මිනුම්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ තවත් සේවකයන් 200 ක පිරිසක් රෝහල්ගත කිරීමට හෝ නිරෝධායන කිරීමට නියමිත බව ඒ මහතා සඳහන් කරයි.

එමෙන්ම රෝහල්ගත වූ අයගේ පවුල්වල පිරිස් නිරෝධායනයට යොමු කිරීමටද නියමිත බව ඔහු සඳහන් කළේය.

එම කර්මාන්ත ශාලාවේ සේවකවන් හෝ පවුල්වල සාමාජිකයන් කිසිවෙකු නිවෙස්වල සිටිය නොහැකි බවත් ඔවුන් අනිවාර්යෙන්ම රෝහල් තුල හෝ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින යුතු යයිද ඒ මහතා පැවසීය.

මෙතෙක් රෝහල්ගත වී හෝ නිරෝධායන මධ්‍යස්ථානයකට ඇතුළු වී නොමැති මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්තශාලාවේ සේවකයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් ඇත් නම් 011 3 456 548 අංකය අමතක ලෙසද ඔහු ඉල්ලා සිටියේය.