Breaking News

ඉන්ධන නැව යළිත් ගිනි ගනී! -PHOTOS-

 



නිව් ඩයමන්ඩ් නෞකාවේ පාලනය කර තිබූ ගින්න නැවතත් හටගෙන ඇති බව නාවික හමුදාව සඳහන් කළා.

නෞකාව රඳවා තිබෙන සංගමන්කන්ද තුඩුවට නාවික සැතපුම් 30 කට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය සමග හටගත් අධික සුළං ප්‍රවාහයන් නෞකාවේ අභ්‍යන්තරයේ පැවති ගිනි පුපුරු හා අධික උෂ්ණත්වයට බලපෑ‍ම මත පාලනය කර තිබූ ගින්න මෙලෙස නැවතත් හටගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඉන්දීය නාවික හමුදාව, ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශවකරුවන්ට අයත් නෞකා, ගුවන් යානා සහ ටග් යාත්‍රා යොදා ගනිමින් මේ වන විට නැවත ඇති වූ ගින්න පාලනය කිරීම සඳහා කඩිනමින් ක්‍රියා කරමින් සිටින බව නාවික හමුදාව සඳහන් කර සිටියා.