Breaking News

ලාංකිකයන්ට සෞදි අරාබියෙන් විශේෂ වරප්‍රසාදයක්

 

Saudi Arabia And Sri Lanka Two Flags Textile Cloth, Fabric Texture Stock  Illustration - Illustration of agreement, country: 140293924



සෞදි අරාබියෙන් පිටව යන ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ගෙන් කිසිඳු ගාස්තුවක් හෝ දඩ මුදලක් අය නොකිරීමට සෞදි රජය තීරණය කර තිබෙනවා.

සෞදි අරාබිය තාවකාලිව මෙම තීරණයට එළඹ ඇත්තේ දැනට පවතින කොරෝනා වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින්.

සෞදි අරාබියේ තවදුරටත් රැඳී සිටින ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් එරට රජය ගත් මෙම තීරණය විදේශ සබදතා අමාත්‍යාංශය ද ඇගයීමට ලක්කර තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ විදෙස්ගතව සිටින ශ‍්‍රී ලාංකික ශ‍්‍රමියකයින් 50,000 කට අධික පිරිසක් නැවත දිවයිනට පැමිණීමට ලියාපදිංචි වී ඇති බවයි.