Breaking News

කර්මාන්ත ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දුමින්ද ඇමතිගේ මැදිහත්වීම විශිෂ්ටයි! - කර්මාන්තකරුවන්ගෙන් ප්‍රකාශයක් -VIDEO-

 

Can't stand with MR without shame - Duminda



සිය කර්මාන්තයේ අනාගතය සම්බන්ධයෙන් දුමින්ද දිසානායක අමාත්‍යවරයාගේ මැදිහත්වීම පිළිබඳව තමන් බලාපොරොත්තු සහගතව පසුවන බව පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ නියුතු කර්මාන්තකරුවන් ප්‍රකාශ කරනවා.

දෙරණ රූපවාහිනී නාලිකාවේ “අලුත් පාර්ලිමේන්තුව” වැඩසටහනට සහභාගී වෙමින් ඔවුන් මෙම අදහස් පළ කළා.

“1996 ලංකා විදුලිබල මණ්ඩලය දුන් සහයෝගයෙන් තමයි අපි මේ ගමන පටන් ගත්තේ 2015 ඉදලා අපි කොච්චර දියුණු වුනාද කියනවනම් අපි අන්තර්ජාතික වෙළඳපොළට අපි ගියා. උගන්ඩාව, රුවන්ඩාව, පාකිස්තානය, නේපාලනය වැනි බොහෝ රටවල අපි අපේ තාක්ෂණය අරන් ගිහින් බොහෝ ව්‍යාපෘති කරලා තියනවා. උගන්ඩා ව්‍යාපෘති වලින් මෙගාවොට් 35ක අයිතිකාරයෝ ශ්‍රී ලාංකික ආයෝජකයෝ. අපි සහ විදුලිබල මණ්ඩලය අතර මත ගැටුමක් තියෙනවා. අපි කියන නීතිමය තත්වය සහ ඔවුන් කියන නීතිමය තත්වය අතර වෙනසක් තියෙනවා. හැබැයි අපි විශ්වාස කරනවා අලුතින් පත්වුණු අමාත්‍යවරයා, දුමින්ද දිසානායකගේ පත් කිරීම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ විශාල වෙනසක් සිදුකරයි කියලා. එතුමා අපිට බොහොම සාවධානව සවන් දුන්නා. මගේ වෘත්තිය ජීවිතේ ඇමතිවරයෙක් එතරම් සාවධානව සවන්දීම විශේෂ දෙයක්. දුමින්ද දිසානායක අමාත්‍යවරයා ඉලක්ක ඉතා පැහැදිලිව ප්‍රකාශ කළා. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය අනුව 80% පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සැපයීම සහ ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්ගේ ගැටලු විසදීම් ඒ අතරින් ප්‍රමුඛයි. ” යනුවෙන් කුඩා ජලවිදුලි බලාගාර සංගමය නියෝජනය කල නීතිඥ වර්ණ දහනායක මහතා එහිදී ප්‍රකාශ කර සිටියා.

“ජනාධිපතිතුමා 2019 දෙසැම්බර් මාසේ එතුමා බලයට පත්වුණු ගමන් කිව්වා අපේ රටේ බලශක්ති අවශ්‍යතාවයෙන් 80%ක් 2030 වනවිට පුනර්ජනනීය බලශක්තියෙන් සපුරාගන්න අත්‍යවශ්‍යයි කියන එක. ඒ ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි ගිගාවොට් 100ක් අවශ්‍යයි කියලා කිව්වා වගේම දෙයක්. මේ කතාවත් එක්ක අපි දැක්කා අලුත් ප්‍රවණතාවයක් හැදෙනවා රටේ. ඒ එක්කම මහමැතිවරණය ආවා. අලුත් කැබිනට්ටුවක් පත්වුණා. මේ කැබිනට්ටුවේ අපි දැක්කා ඉතාම හොද දෙයක් සිද්ධ වුණා. මෙච්චර කාලෙකට අපිට හිටියේ සියලු දේවල් එකට බලන ඇමතිවරයෙක්. නමුත් මේ වතාවේ 80%ක අති විශාල ඉලක්කය ලඟාකරගන් අතිගරු ජනාධිපතිතුමා පත්කලා විශේෂ ඇමතිවරයෙක්. දුමින්ද දිසානායක ඇමතිතුමාව පත්කලා 80% ඉලක්කය ඉදිරියට ගෙනියන්න.” යැයි සූර්‍ය් බලශක්ති කර්මාන්තකරුවන්ගේ සංගමයේ ලේකම් ලක්මාල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.