Breaking News

මුහුදේදී ඇවිලුණු තෙල් නැවේ නවතම තොරතුරු මෙන්න

 


Warships join fight to put out blaze on oil tanker off Sri Lanka | News |  Al Jazeera


නෞකාවේ හටගෙන ඇති ගින්න මැඩපවැත්වීම සඳහා මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව,ශ්‍රී ලංකා ගුවන් හමුදාව,ශ්‍රී ලංකා වරාය අධිකාරිය,ඉන්දියානු නාවික හමුදාව හා ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භකර තිබේ.

නෞකාවේ සැළැස්ම අධ්‍යනය කර මෙම ගිනි නිවීමේ කටයුතු එම නෞකාවේ ම ග්‍රීක ජාතික කපිතාන්වරයාගේ උපදෙස් මත මුහුදු ගිනි නිවාරණය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති නාවික හමුදා කණ්ඩායම් මඟින් සිදුකරනු ලබන බවය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ලබා ගත් නවතම දර්ශන මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

පැනමා රාජ්‍යයට අයත් “නිව් ඩයමන්ඩ්“ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ගින්න හටගත්තේ, කුවේට් හී මිනා අල් අහමදී වරායෙන් පිටත්වී නැගෙනහිර ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ පැරඩිප් වරාය වෙත ගමන්කරමින් සිටින අතරතුරදිය.

අනතුරට ලක්වන අවස්ථාව වන විට නෞකාව අම්පාර, සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38 ක් දුරින් වූ නැගෙනහිර මුහුදේ ස්ථාන ගතව තිබුණි.

ඊයේ උදෑසන 7.45 ට පමණ එංජින් කාමරයේ බොයිලේරුවක ඇතිවූ පිපිරීමකින් ගින්න හටගෙන තිබූ අතර එම පිපිරීමෙන් එහි කාර්ය මණ්ඩලයේ සිටි පිලිපීන ජාතික නාවිකයෙකු මියගොස් තිබේ.