Breaking News

සිරමැදිරියේ ආහාර වර්ජනයේ සිටින රැඳවියන් පිරිස තවතවත් අඩු වෙයි

 


Hunger strike at Boossa Prison continues


 


ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආහාර වර්ජනයේ නිරත වන බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් ගණන 20 දෙනෙකු දක්වා අඩු වී තිබෙනවා.

අද (13) උදෑසන වන විට, වර්ජනය ආරම්භ කළ රැඳවියන් අතරින් 25 දෙනෙකු ආහාර ලබාගෙන තිබූ බවයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණ කළේ. 

නඩු සඳහා අධිකරණවලට ගොස් නැවත බන්ධනාගාරය වෙත රැගෙන එන අවස්ථාවේදී පරීක්ෂා නොකිරීම, තමන් හමුවට එන නීතීඥවරුන් පරීක්ෂා නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිිමින් අදාළ රැඳවියන් පිරිස මෙම වර්ජනය ආරම්භ කර තිබුණා.