Breaking News

මත්තලට එන ගුවන් යානාවලට රජයෙන් සහන රැසක්

 



India to operate Mattala Airport for 40 years




මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් යානා ගොඩබැස්සවීමේ හා ගුවන් යානා නතර කිරීමේ ගාස්තු අය කිරීම වසරක කාලයකට සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබෙනවා.

සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග සඳහන් කළේ මත්තල ගුවන් තොටුපළට ජාත්‍යන්තර ගුවන් යානා ගෙන්වා ගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි. ඊට අදාළ ගැසට් නිවේදනය පසුගිය 08 වැනිදා ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

මීට අමතරව මත්තල ගුවන් තොටුපළේ ගුවන් තොටුපළ අපනයන බද්ද අය කිරීම වසර 02 ක් සදහා සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට ද රජය තීරණය කර ඇති බව, සංචාරක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඊට අදාළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර එහි ඉදිරි කටයුතු මුදල් අමාත්‍යාංශය විසින් සිදු කරමින් සිටින බවයි අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග වැඩිදුරටත් සඳහන් කළේ. 

මීට අමතරව මත්තල ගුවන් තොටුපලේ බිම් මෙහෙවර සේවා සදහා වට්ටම් අනුපාතයක් ලබා දීමට ද තීරණය කර තිබෙනවා. මත්තලට පැමිණෙන ගුවන් යානා සදහා සහන මිලට ඉන්ධන ලබාදීමට ද රජය තීරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඛණිජ තෙල් සංස්ථාව සමග දැනටමත් සාකච්ඡා කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ. එම ඉන්ධන සහනය ලබාදීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමිව තිබෙනවා.