Breaking News

අනුරාධපුර - පුත්තලම මාර්ගයේ පාලමක් කඩා වැටෙයි!

 


The Broken Road (Part 3) – Insights from a WIMPY millenial



අනුරාධපුර - පුත්තලම මාර්ගයේ 38 කණුව ප‍්‍රදේශයේ ඇති තවකාලික පාලමක් කැඞී ගොස් තිබෙනවා. මේ හේතුවෙන් එම ප‍්‍රදේශයේ ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තාවන්නේ.

සුළං බලාගාරයකට අවශ්‍ය උපාංග ත‍්‍රිකුණාමලයේ සිට ප‍්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් අද එම පාලම මතින් ගමන් කරමින් තිබිය දී පාලම කැඞී ගොස් තිබෙනවා. එම මාර්ගය භාවිත කරන්න්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ඉල්ලා සිටිනවා.

ඒ අනුව අනුරාධපුර සිට පුත්තලම දෙසට ධාවනය වන වාහන අනුරාධපුර 2 කණුව අසලින් තලාව පොලිස් වසම හරහා ගොස් තඹුත්තේගම මාර්ගයට පිවිස ඔරලෝසු කණුව අසලින් 27 හන්දිය හරහා පුත්තලම මාර්ගයට පිවිස ගමන් කළ හැකියි.

එමෙන්ම පුත්තලම සිට අනුරාධපුර දෙසට ධාවනය වන වාහන ගලයාය හන්දියෙන් දකුණට හැරී තලාව නගරයට ගොස් අනුරාධපුර මාර්ගයට පිවිස ගමන් කළ හැකිය.