Breaking News

මටත් සිර දඬුවම් නියම වීමට නියමිතයි! - රන්ජන්ගෙන් හෙළිදරවුවක්

 

Parliament informed Ranjan has not tabled controversial recordings - FAST  NEWS



තමන් ලඟදීම හිරේ යාමට නියමිත බවට ආරංචි මාර්ග ගලාගෙන එන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.

තමන් විවිධ අකටයුතුකම් ගැන කතා කරන නිසා අධිකරණයේ මේ වනවිට තමන්ට විරුද්ධව නඩු 36ක් පමණ විභාග වන බවද ඔහු සඳහන් කළේය.

දේශපාලන පළිගැනීමක් කර හිරේ නොයැවුවොත් තමන් දිගටම ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව මන්ත්‍රීවරයා පැවසුවේය.

මිනීමැරුම් චෝදනා වලට හිරේ ගිය අය පාර්ලිමේන්තුව නියෝජනය කරන ආකාරයටම තමන්ටද සිර දඬුවම් නියමු වූවොත් ඒ නීතිය තමන්ට ද බලපානු ඇතැයි ඔහු කියා සිටියේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ අද පාර්ලිමේන්තුව අමතමිනි.

අධිකරණයට අපහාස කලේ යයි රන්ජන් රාමනායක මහතාට විරුද්දව පැවති නඩුවක් මේ වන විට විභාග කර අවසන් වී ඇති අතර එහි තීන්දුව ඉදිරි මාසයේදී ලබා දීමට නියමිතව තිබේ.