Breaking News

20 පරාජය කරන බවට සජිත් පිලේ මන්ත්‍රීවරුන් දිවුරයි!

 

UNP to reach MoU with 'Samagi Jana Balawegaya'



20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කරන බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊයේ (08) ප්‍රතිඥාවක් ලබාදුන්නේය.

ඒ අපවත් වී වදාළ පූජ්‍ය මාදුවවාවේ සෝභිත හිමියන්ගේ පිළිරුව අබියසදීය.

20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළකරමින්  සමගි ජන බලවේගය සංවිධාන කරන "19න් ඉදිරියට ජනතා ව්‍යාපාරය " සත්‍යක්‍රියාව, අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ පිළිරුව අබියසදී අද පස්වරු 4ට ආරම්භ කිරීමට නියමිතව තිබුණි.

කෙසේවෙතත් සංවිධායකයින් විසින් වැඩසටහනට අදාළ ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාකරවීමට අවශ්‍ය අවසරය ලබා නොගැනීම හේතුවෙන් වැඩසටහනේ ආරම්භයේදී ගැටලුකාරී තත්ත්වයක් හටගත්තේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් වැඩසටහන ආරම්භවුයේ ඉන් අනතුරුවය.

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමේ ප්‍රතිඥාව පැමිණ සිටි සියලු මන්ත්‍රීවරුන් විසින් ලබාදෙනු ලැබුවේ ඉන් අනතුරුවය.