Breaking News

ගව ඝාතන තහනම මාසයකින් කල්යයි!

 

Practical Solutions for Everyday Problems #1 - Rice Treatment




මෙරට තුළ ගවයන් ඝාතනය තහනම් කිරීමේ තීරණය නීතිගත කිරීම තවත් මසකින් පමණ කල් දැමීමට රජය තීරණය කර තිබේ.

කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී මේ බව සඳහන් කළේය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද අතර එම යෝජනාව සම්මත වූ බවද ඇමැතිවරයා පැවසීය.

මෙම තහනම් කිරීම මාසයකින් කල් දමන ලද්දේ මේ සම්බන්ධයෙන් වෙනත් පාර්ශවවලට සාකච්ඡා කිරීමට අවශ්‍ය කාලය ලබා දීමට බවද ඔහු කියා සිටියේය.