Breaking News

බොරු තොරතුරු ලබා දීමට එරෙහිව යෝශිතගෙන් නඩු!

 

Court permits Yoshitha Rajapaksa to travel abroad



තමනට සිංහරාජ වන රක්ෂිතය ආසන්නය හෝටලයක් ඇතැයි එල්ල වන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.

පරිසරවේදී සජීව චාමිකර මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් චෝදනා කරන ලද්දේ සිංහරාජය හරහා ලංකාගම ප්‍රදේශයට මාර්ගයක් ඉදිකරන්නේ යෝෂිත රාජපක්ෂ මහතාගේ හෝටලයකට මාර්ග පහසුකම් සැලසීම ඉලක්ක කරගෙන බවයි.

මෙම චෝදනා ට එරෙහිව තමන් නීතිමය පියවර ගන්නා බවත් ඒ සම්බන්ධයෙන් තම නීතිඥයන් විසින් කටයුතු කරගෙන යමින් සිටින බවත් යෝෂිත රාජපක්ෂ මහතා පැවසීය.

ඇතැම් පිරිස් විසින් නැවත වතාවක් රාජපක්ෂ ප්‍රතිරූපයට කැළලක් කිරීමට උත්සාහ කරමින් අසත්‍ය තොරතුරු පතුරුවා හැරීමට උත්සාහ කරන බව ද යෝෂිත රාජපක්ෂ මහතා සඳහන් කළේය.

තමන්ට අයත් කිසිදු හෝටලයක් හෝ නිකේතනයක් වන රක්ෂිතයේ නැති බව ද එම ප්‍රකාශය මහජනයා නොමග යැවීමට කරන කරන ලද්දක් නිසා තමන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

යෝෂිත රාජපක්‍ෂ මහතාගේ යයි කියමින් සමාජජාලවල හුවමාරු වූ පින්තූර විදෙස් රටක හෝටලයක් බවද හෙලි වී තිබේ.