Breaking News

හදිසි විදුලි බිඳවැටීම ගැන වාර්තාව අද!

 

CEB incurs Rs.45.7 b loss in 2017



දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කමිටුවේ මූලික වාර්තාව අද (24) දිනයේ දී විෂයභාර අමාත්‍යවරයා වෙත භාර දීමට නියමිතව තිබේ.

පසුගිය සඳුදා කෙරවලපිටිය ග්‍රීඩ් උපපොළේ සිදුවු දෝෂයක් හේතුවෙන් දිවයින පුරා හදිසි විදුලි බිඳ වැටීමක් සිදුවිය.

පැය 5 කට අධික කාලයක් දිවයින පුරා විදුලිය බිඳ වැටී තිබූ අතර මේ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් කමිටුවක් පත් කරනු ලැබීය.

සාමාජිකයින් 7 දෙනෙකුගෙන් යුත් මෙම විද්වත් කමිටුව සිය මූලික විමර්ශන වාර්තාව අද දිනයේ දී විෂයභාර අමාත්‍යවරයා වෙත භාර දීමට නියමිත බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් වන අවසන් වාර්තාව මේ වන තෙක් සකස් කර නොමැති බව ඔහු සඳහන් කළේය.

මේ අතර ඊයේ දිනයේ දී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසා සිටියේ, තමා අමාත්‍යධූරය බාර ගෙන පැය 96ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ සිදුවු මෙම සිද්ධියේ දී වගකිය යුත්තේ විදුලිබල අමාත්‍යාංශය බවට අනාවරණය වුවහොත් තමා සිය අමාත්‍යාංශයෙන් ඉවත් වන බවය.