Breaking News

හෙරොයින් ජාවාරම්කරුවන් 5 දෙනෙක් කොටු!

 


How Long Does Heroin Stay in Your System? (Urine, Blood, Hair)


යාපනය පොලිස් වසමේ කොකුවිල් සහ ඉලවාලි ප්‍රදේශයේ දී හෙරොයින් සමග සැකකරුවන් 5 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (23) සවස් කාලයේ දී යාපනය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර ඇත.

එහිදී හෙරොයින් ග්‍රෑම් 67යි මිලිග්‍රෑම් 519ක් සමග එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් අවුරුදු 21, 26, 27, හා 38 යන වයස්වල පසුවෙයි.

සැකකරුවන් අද(24) යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

යාපනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.