Breaking News

ඡන්දපත ඡායාරූප ගත කළ තරුණයාට වැඩ වරදී!

Brexit: Governments agree plans to replace European Arrest Warrant ...




තමන් සලකුණු කළ ඡන්දය ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කළ තරුණයෙකු නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවලපිටිය, ඉඹුල්පිටිය ප්‍රදේශයේ පදිංචි අදාළ තරුණයා, අද (5) උදෑසන නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ශාලා අංක 51 තුළ දී සිය ඡන්දය සලකුණු කර, එය ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කළ අවස්ථාවේදී ශාලාධිපති විසින් එම තරුණයා සහ ජංගම දුරකථනය අත්අඩංගුවට ගෙන මැතිවරණ ජංගම මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරීන් වෙත භාර දීමට කටයුතු කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 32 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු අද (5) රම්බොඩ, හෙල්බොඩ සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව නාවලපිටිය පොලිසිය පවසයි.