Breaking News

මෙවර ඡන්දයේ බැසිල්ගේ අනාවැකි කතාව මෙන්න!

Task force headed by Basil Rajapaksa to distribute goods to the public





ප්‍රධාන දේශපාලන පක්ෂවලින්ද ස්වාධීන කණ්ඩායම්වලින්ද මහ මැතිවරණය සම්බන්ධයෙන් ජනමත සමීක්ෂණ සිදුකර තිබූ අතර,මේවන විට දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබුණේ මෙම මතවිමසුම්වල ප්‍රතිඵලයනුයි.

එමෙන්ම මෙම මතවිමසුම්වල ජනප්‍රියම එක බවට පත්ව තිබුණේ වෙන කාගේවත් මත විමසුමක් නොව බැසිල් රාජපක්ෂගේ මත විමසුමය.

සාමාන්‍යයෙන් බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ බැසිල් විසින් සිදුකරනු ලබන මත විමසුම් සියයට 99ක්ම නිවැරැදි යැයි කියායි.

ඊට හේතු වී ඇත්තේ ඉකුත් පළාත් පාලන මැතිවරණය මෙන්ම ජනාධිපතිවරණය ඉලක්ක කර බැසිල් විසින් සිදුකරනු ලැබූ මත විමසුම් ඉතාම නිවැරැදි ප්‍රතිඵල ලබාදී තිබූ නිසායි.

ඒ අනුව මෙවර බැසිල් විසින් සිදුකරනු ලැබ තිබූ මත විමසුමේ ප්‍රතිඵලය ලෙස පසුගිය සතිය ආරම්භය වන විට දේශපාලන ක්ෂේත්‍රයේ කියැවුණේ ආණ්ඩුවට ආසන 137ක් ලබාගත හැකි වන බවයි.

එවිට ඉතිරි වන ආසන 88 විපක්ෂයේ දේශපාලන පක්ෂ අතර බෙදීයනු ඇති බවත්, ඉන් දෙමළ ජාතික සන්ධානය ආසන 15ක් ගනු ඇති බවත්, ජවිපෙට ආසන 4ක් හිමිවනු ඇති බවත්, එජාපයට ආසන 6ත් 8ත් අතර ප්‍රමාණයක් බෙදීයනු ඇති බවත්, ඉතිරි ආසන 61 සජිත්ගේ සමඟි ජන බලවේගය විසින් දිනාගනු ඇති බවත් බැසිල් විසින් සිදුකළ මත විමසුමෙන් ලබාදී ඇති ප්‍රතිඵලයනුයි.

මීට අමතරව බැසිල් විසින්ම සිදුකළ තවත් සමීක්ෂණයක ප්‍රතිඵලද පසුගිය සිකුරාදා වන විට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වෙමින් තිබිණ. මුලින් සිදුකරනු ලැබූ සමීක්ෂණයේ ප්‍රතිඵලවලට අනුව එහි පොහොට්ටුවට ආසන 137ක් හිමිකර ගනු ඇති බවට අනාවැකි පළකර තිබුණද දෙවැනුවට පැමිණි මෙම මත විමසුමෙන් කියැවුණේ පොදුජන පෙරමුණට ආසන 133ක් හිමිවනු ඇතැයි කියාය.

ඉතිරි ආසන 92 විපක්ෂයේ පක්ෂ අතර බෙදීයනු ඇති බවද එම මත විමසුමෙන් සඳහන් කර තිබුණා.

බැසිල් රාජපක්ෂ මහතා පසුගිය දිනක ගම්පහ දිස්ත්‍රික්කයේ කාන්තාවන් සහභාගිවූ වැඩසටහනකට එක්ව සිටි අතර එය සංවිධානය කළ හිටපු අමාත්‍ය නිමල් ලන්සා මහතාට ඔහු සඳහන් කර තිබුණේ එම ස්ථානයට පැමිණ සිටි දහස් සංඛ්‍යාත කාන්තාවන් පිරිස සම්බන්ධයෙන් සතුටුවන බවයි.

කාන්තාවන්ගේ ඡන්දය සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා වඩාත් උනන්දුවක් දැක්වීම මීට හේතුවී තිබුණා.

මීට අමතරව සෑම අවස්ථාවකදීම මේ අයුරින් ජනමත විමසුම් පවත්වන තවත් නිල ආයතනයක් මඟින් සිදුකරනු ලැබූ ඉතා රහසිගත මත විමසුමක ප්‍රතිඵලද පසුගිය සතිය වන විට දේශපාලන පාර්ශ්වයන්ට ලැබී බෙනවා.

එමඟින් දැනුම් දී තිබුණේ ආණ්ඩුවට 118ත්, 125ත් අතර ආසන සංඛ්‍යාවක් දිනාගැනීමට හැකිවනු ඇති බවයි.

විපක්ෂයට ආසන 100ට වඩා වැඩි ප්‍රමාණයක් එහිදී බෙදී යනු ඇති බවද එහි සඳහන්ව තිබුණා.