Breaking News

අලි මිනිස් ගැටුම විසඳන්න 'වනජීවි රාජ්‍ය ඇමති' විසඳුමක් සොයයි!

 

Wimalweera Dissanayaka – Man Of The Hour In the Eastern Province ...



මෙරට දීර්ඝ කාලීන ප‍්‍රශ්නයක් වන, අලි - මිනිස් ගැටුම අවම කර ගැනීම සඳහා නව වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව වනජීවි රැකවරණය, අලි වැට හා අගල් ඉදිකිරීම් ඇතුළු ආරක්‍ෂිත වැඩපිළිවෙලවල් හා කැළෑ නැවත වගා කිරීම් හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ අලි වැට යනු ඒ සදහා ස්ථිර විසදුමක් නොවන බවයි. ඒ අනුව අලි මිනිස් ගැටුම අවම කිරීමට ගත හැකි නව වැඩපිළිවෙලක් පිළිබඳ පරීක්‍ෂණයක් සිදුකරන බවද ඔහු සඳහන් කළා.

අලූත් ආණ්ඩුවේ නව රාජ්‍ය අමාත්‍යවරුන්ගේ කාර්ය භාරය සම්බන්ධයෙන් වනජීවි රැකවරණය, අලි වැට හා අගල් ඉදිකිරීම් ඇතුළු ආරක්‍ෂිත වැඩපිළිවෙලවල් හා කැළෑ නැවත වගා කිරීම් හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මෙම අදහස් පළ කළා.

වන සතුන්ගෙන් බෝග වගාවට සිදුවන හානි අවම කර ගැනීම සදහා ද විශේෂ වැඩපිළිවෙලක් අනිවාර්යයෙන්ම සකස් කළ යුතු බව ඔහු කියාසිටියා. එසේ නොවුනහොත් මෙරට ආර්ථිකයට ඉන් දැඩි බලපෑමක්ද එල්ල වනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක වැඩිදුරටත් පැවසුවා.

නව ආණ්ඩුවේ තවත් රාජ්‍ය අමාත්‍යාවරුන් පිරිසක් අද (14) රාජකාරී ආරම්භ කිරීමට නියමිතයි.