Breaking News

මෙහෙම ඇමති ධුර ලොවෙත් නෑ! - හරීන් ආණ්ඩුවේ පලු අරී

 

Sports Minister to ban persons linked to betting from cricket ...



බුරුත නැදුං මාර වලින් ශක්තිමත් කැබිනට්ටුවක් හදනවා යයි පැවසුවද තුනෙන් දෙකේ බලය අරන් සකසා ඇත්තේ පිත්තල, මිරිස්, මැටි, හාල්, පොල් ආදී ඇමතිවරුන් බව සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

රටේ තුනෙන් දෙකක ජනතාවක් ලබාදුන් බහුතර බලයට මෙරට දේශපාලන පවුලක් සමච්චල් කිරීමක් මෙම කැබිනට් මණ්ඩලය පත් කිරීම මගින් සිදු කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

පිත්තල ඇමතිලා මැටි ඇමතිලා විසිතුරු මාළු ඇමතිලා ලංකා ඉතිහාසයේ කවදාවත් අසා නැති බවද කී ඔහු මෙවන් කැබිනට් වූ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ යැයිද පැවසීය.

මෙවන් ඇමතිකම් බාරගත් අයටද සිදුකර ඇත්තේ මහා අපහාසයක් යැයි ද ඒ මහතා පැවැසීය.

සමගි ජන බලවේගය ස්ථානයද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.