Breaking News

යතුරුපැදියෙන් ගිය තරුණයින් දෙදෙනා ලොරියට වටවෙයි!


Motorcyclist dies in accident | Daily News


යාපනය කොඩිකාමම් වරණි ප්‍රදේශයේදී යතුරුපැදියක් ටිපර් රථයක ගැටීමෙන් තරුණයෙකු මිය ගොස් ඇති බවට කොඩිකාමම් පොලීසිය පවසයි.

වරණි ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් ගත් තරුණයින් දෙදෙනෙකු ආරක්ෂිත හිස් ආවරණ නොමැතිව ගමන් කිරීම හේතුවෙන් පොලීසිය නැවත්වීම කරන ලද අණ කිරීමකදී අදාල තරුනයින් දෙදෙනා යතුරුපැදිය නොනවත්වා අධික වේගයකින් ධාවනය කොට වේගය පාලනය කරගැනීමට නොහැකිව ටිපර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවට අනාවරනය වී ඇත.

ටිපර් රථයේ ගැටීමෙන් බරපතල තත්වයේ සිටි තරුණයින් දෙදෙනා රෝහල්ගත කිරීමෙන් පසුව එක් අයෙකු මිය ගොස් ඇති අතර එසේ මිය ගොස් ඇත්තේ වරණි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි ප්‍රැන්සිස් දිනෙස් නැමති තරුණයාය.

අනතුරින් පසුව ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර සමබන්ධයෙන් කොඩිකාමම් පොලීෂිය වැඩි දුරට පරික්ෂණ සිදු කරයි.