Breaking News

අගමැති මහින්දට අසාධ්‍යයි!


mahinda-sad - Today Jaffna News - Jaffna Breaking News 24x7


තමන්ට හොඳටම අසනීප වී ඇති බවට සමාජ ජාලා වල වාර්තා පල වන්නේ යයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

තමන් ඇදක් මත ඔක්සිජන් දෙන පින්තූරයක්ද සකස් කර අසාධ්‍ය තත්ත්වයක පසුවන බවට එම වාර්තාවල ප‍්‍රචාරය කරමින් ඇතැයිද ඔහු පැවසීය.

අගමැතිවරයා මේ බව කියා සිටියේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවසාන ජන රැලිය මාතර වැලිගමදී අමතමිනි.

තමනට අසනීප ඇතැයි කියන ඇයගේ අසනීප සනීප කරවීමට ද තමන්ට හැකි බව ඔහු එහිදී සඳහන් කළේය.

ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ වැඩපිලිවෙල ඉදිරියට ගෙන යාම සදහා පොදුජන පෙරමුණ ජයග‍්‍රහණය කරවන ලෙසද ඔහු එහිදී ඉල්ලා සිටියේය.