Breaking News

ජාතික ලැයිස්තු අර්බුදය තවදුරටත්!

 


Sri Lanka presidential rivals hand in nominations – Lanka Business ...




මෙවර මහ මැතිවරණයෙන් හිමිවු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා වන නම් දැනුම්දීමට ලබාදී තිබු කාලය අවසන් වුව ද එක්සත් ජාතික පක්ෂය සිය ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයට අදාළ නම මැතිවරණ කොමිසම වෙත භාර දී නොමැති බව වාර්තා වේ.

එමෙන්ම අපේ ජන බල පක්ෂය ලබාදුන් නම සම්බන්ධයෙන් අර්බුදකාරී වාතාවරණයක් ද මේ වන විට හටගෙන තිබේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ඊයේ(14)  නීතිපතිවරයා විසින් නීති උපදෙස් මැතිවරණ කොමිසම වෙත යොමු කළ ද ඒ පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව එම කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසුවේය.

නීතිපතිවරයාගේ උපදෙස් ලිඛිතව ලද වහාම ඒ පිළිබඳ මැතිවරණ කොමිසමේ අවධානය යොමු කිරීමට නියමිතය.

පොදු ජන පෙරමුණ, ඉලංගෙයි තමිල් අරසුකච්චි, ජාතික ජන බලවේගය, අහිල ඉලංකෙයි තමිල් කොංග්‍රස්, සමගි ජන බලවේගය යන දේශපාලන පක්ෂ සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛන මැතිවරණ කොමිසමට භාර දී තිබේ.

අපේ ජන බල පක්ෂය මේ වන විට යොමු කර ඇති නාමයෝජනාව සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමෙන් පසුව එය ගැසට් කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසම පැවසුවේය.

කෙසේවෙතත් මෙවර මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් මෙතෙක් නමක් ඉදිරිපත් වී නැත.

ඒ අනුව, එළඹෙන 20 වනදා රැස්වන මංගල පාර්ලිමේන්තු සැසිවාරයේ දී ආසන දෙකක පුරප්පාඩුවක් සහිතව පාර්ලිමේන්තුව රැස්වනු ඇති.