Breaking News

දරුවෙකුට මරු කඳවු කටුපොත රිය අනතුර

 

Daily Mirror - Sri Lanka Latest Breaking News and Headlines ...



කටුපොත, ගල්වැව බෝධිය අසලදී සිදුවූ ත්‍රිරෝද රථ අනතුරකින් කුඩා දරුවෙකු මියගොස් තිබෙනවා.

කටුපොත දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක්, මාර්ගය හරහා ගමන් කළ සුනඛයෙකු ගැටීම වැළැක්විමට යාමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි පෞද්ගලික බස් රථයක ත්‍රීරෝද රථය ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.

එහිදී ත්‍රීරෝද රථයේ පිටුපස අසුනේ සිටි කුඩා දරුවෙකු බරපතළ තුවාල ලබා කටුපොත රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇත.

මියගොස් ඇත්තේ 05 හැවිරිදි කටුමුලුව, කනත්තේවැව ප්‍රදේශයේ පදිංචිව සිටි කුඩා දරුවෙකි.

අනතුරින් තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු ප්‍රතිකාර සඳහා කුරුණැගල රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කටුපොත පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.