Breaking News

එජාපයෙන් ඉවත් නොකළ ජ්‍යෙෂ්ඨයෝ මෙන්න! -PHOTOS-


UNP breakaway group requests 'heart' symbol | Daily News



එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපූ නියෝජිතයින්ගේ නම් ලැයිස්තුව අද ප්‍රකාශයට පත්කෙරුණු අතර, එම ලැයිස්තුවේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨයින් රැසකගේ නම් නොතිබීම විශේෂත්වයක්.

ඒ අනුව මීට පෙර විනය ක්‍රියාමාර්ග මත පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටවූ සජිත් ප්‍රේමදාස, රංජිත් මද්දුමබණ්ඩාර, ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, තලතා අතුකෝරාල, ගයන්ත කරුණාතිලක, මංගල සමරවීර, වසන්ත අළුවිහාරේ ඇතුළු ජ්‍යෙෂ්ඨයින් කිසිවෙකුගේත් නම් මෙම ලැයිස්තුවේ ඇතුළත් කර නෑ.

ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයට සමගි ජන බලවේගයෙන් නාමයෝජනා අත්සන් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් 54 දෙනෙකු සහ පළාත් පාලන ආයතන නියෝජිතයින් 61 දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ තීරණය කළා.

එම නාමලේඛනය අද ප්‍රකාශට පත්කෙරුණු අතර, එහි එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 9 දෙනෙකු වනවා.

සුජීව සේනසිංහ, රන්ජන් රාමනායක, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අජිත් පී. පෙරේරා, තුෂාර ඉඳුනිල්, නලින් බණ්ඩාර, අශෝක් අබේසිංහ, සිඩ්නි ජයරත්න සහ වඩිවේල් සුරේෂ් යන හිටපු මන්ත්‍රීවරුන් එම නියෝජිතයින් වනවා.

එමෙන්ම, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ජෝර්ජ් පෙරේරා, නිරෝෂන් පාදුක්ක, ලෙනාඞ් කරුණාරත්න සහ රෝස් ප්‍රනාන්දු ද මෙලෙස පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කළ පිරිස අතරට ඇතුළත්. නගරාධිපතිවරුන් තුන්දෙනෙකුද ඒ අතර සිටිනවා.

මේ අතර කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මෙම තීරණය සම්බන්ධයෙන් අදහස්  දක්වමින් කියා සිටියේ පළාත්පාලන මන්ත්‍රිවරුන් ඉවත් කළහොත් ඔවුන් වෙනුවෙන් ඉදිරියේදී අධිකරණයට ගොස් සාධාරණය ඉෂ්ඨ කර දෙන බවයි.

කෙසේ වෙතත්, අද පස්වරුවේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ පක්ෂයට විරුද්ධව කටයුතු කළ සියලු සාමාජිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය  කර ඇති බවයි.

246673_1

246673_2

246673_3

246673_11

246673_12