Breaking News

කොටුවේ පොඩි හාමුදුරුවනුත් පොහොට්ටු වේදිකාවට!



Venerable Aththaragama Panknchlankara (Kotuwe Podi Hamuduruwo ...


තමන්ගේ රජ්ජුරුවන් මහින්ද මහත්තයා බවත් ඔහු වෙනුවෙන් තමන් මෙවර දේශපාලන වේදිකාවට ගොඩවූ බවත් කොටුවේ පොඩි හාමුදුරුවන් නමින් ප්‍රකට අත්තරගම පඤ්ඤාලංකාර හිමියෝ සඳහන් කරති.

නාමල් රාජපක්‍ෂ මහතා මෙරට අනාගතය බවත් ඔහු ඒ පෙරමග ලකුණු පෙන්වමින් ඇති බවත් උන් වහන්සේ කීහ.

එ හිමියන් මේ අදහස් පල කරන ලද්දේ ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා විසින් සංවිධානය කර තිබූ ජනහමු වේදිකාවක අදහස් පල කරමිනි.

මහින්ද ගැනවත් ගෝටාභය ගැනවත් නොසිතා සිංහලකම ගැන සිතා මෙම මැතිවරණයෙන් 2/3ක බලයක් ලබා දිය යුතු බවත් උන් වහන්සේ එහිදී කියා සිටියහ.