Breaking News

හිගුරාණෙන් කොරෝනා ආසාදිතයෙක් හමුවෙයි!


Sri Lanka public health inspectors demand PCR test, go on self ...



කන්දකාඩු පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිඛේ. ඔහුට දෙවන වරට සිදුකළ පී සී ආර් පරීක්ෂණයෙන් මෙය තහවුරු වී ඇත.

ඒ අනුව මොහු ඇසුරු කළ හිගුරාණ මුවන්ගොල ග්‍රාම 08 ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසක් ඊයේ සිට නිරෝධායනය කිරිමට පියවර ගෙන ඇත. ඔවුන් සියලු දෙනා පී සී ආර් පරීක්ෂණයට ලක් කිරිමට නියමිතයි.

කෙසේවෙතත් මේ දක්වා කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන කිසිවෙකු මේ ප්‍රදේශයෙන් වාර්තා වී නොමැත. ඒ අනුව ප්‍රදේශය හුදෙකලා කිරිමේ අවශ්‍යතාවක් නොමැති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කලේ.