Breaking News

"මහින්ද - ගෝඨා ආණ්ඩුව මුස්ලිම්වරු නැතුව කැබිනට් මණ්ඩලයක් හදලා" ඉමිතියාස් බාකීර් මාකර්ගෙන් චෝදනා


Sajith has come forward for unity of all races" - Former Minister ...




ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ  වත්මන් රජය මුස්ලිම් නියෝජනයක් නොමැති කැබිනට් මණ්ඩලයක් සාදා ඇති බවත්, මුස්ලිම් කාති උසාවි ආදිය තහනම් කිරීමට උත්සාහ කරන බව සමගි ජනබලවේගය නියෝජනය කරන හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකීර් මාකර් පවසනවා.

ඔහු තවදුරටත් පැවසූවේ වත්මන් රජය විසින් මුස්ලිම් මද්‍රසා පාසල් තහනම් කිරීමේ උත්සාහයක නිරත වෙමින් තිබෙන බවයි. අගමැති මහින්ද රාජපක්ෂ මහතා තරග වදිනා කුරුණෑගල දිස්ත්‍රීක්කයෙන් පොහොට්ටුව කිසිඳු මුස්ලිම් අපේක්ෂකයෙකු ඉදිරිපත් කර නොමැති බවත්, මුස්ලිම්වරු බහුතරය සමගි ජනබලවේගයට සහය ලබා දෙන බවත් ඉමිතියාස් බාකීර් මාකර් එහිදි පැවසූවා.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඉමිතියාස් බාකීර් මාකර්,

"අද මුස්ලිම්වරුන් වැඩිදෙනෙක් ඉන්න ගමකට මන් ඇවිත් ඉන්නේ. ඕගොල්ලොන්ට දේශපාලනය මන් උගන්නන්න ඕන නෑ. අද මොනවද මේ රටේ වෙන්නේ. හිතලා බලන්න. නිදහස් ලංකාවේ පළවෙනි කැබිනට් මණ්ඩලය මුස්ලිම්වරයෙක් නැති, මොන සිග්නල් එකක්ද දෙන්නේ.. මෙහෙම මේ රටට යන්න පුලුවන්කමක් තියෙනවද..

කුරුණෑගල දිස්ත්‍රීක්කයට මුස්ලිම් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරලා නෑ. ලංකාවෙම දිස්ත්‍රීක්කෙකට, දෙකකට අපේක්ෂකයො ඉදිරිපත් කරලා තියෙනවා, අනිත් තැන්වලට අපේක්ෂකයො ඉදිරිපත් කරලා නෑ. මොකක්ද මේ කරන්න හදන්නේ. ඒ ගොල්ලො දන්නවා මුස්ලිම් ජනතාවගේ බහුතරයක් සහය සමගිජනබලවේගයත් එක්ක ඉන්නවා කියලා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ආසන වැඩි ගණනක් මුස්ලිම්වරු ලබා ගෙන එයි කියලා හිතනවා.

මුස්ලිම්වරුන්ට තියෙන ලොකුම උසස් අධ්‍යාපන ආයතනය වහන්න කියලා තර්ජන ඉදිරිපත් කරනවා, මද්‍රසා පාසල් වහන්න කියලා කියනවා. ඉතිහාසයේ කවදාවත් නොවිච්ච දේවල්. අනිත් පැත්තෙන් කාති උසාවිය නතර කරන්න කියනවා. මුස්ලිම් නීතිය අපරාධ නීතියක් නෙවෙයි. මොනවද මේ හැසිරෙන විදිය. මම තමුන්වහන්සේලාගෙන් අහනවා මේ විදියට මේ රටට යන්න පුලුවන්කමක් තියෙනවද." යනුවෙන්ද ප්‍රකාශ කළා.