Breaking News

වාලච්චේන කම්හලේ කඩදාසි ඉදිරියේදී ජනතාව අතට!



Times Online - Daily Online Edition of The Sunday Times Sri Lanka



2020 ජනවාරියේ මුල්වරට නිරීක්ෂණ කටයුතු සඳහා පැමිණෙන විට අබලන් වූ ගොඩනැගිලි සහිතව ජල විදුලි පහසුකම් අහිමිව, ප්‍රධාන කඩදාසි නිෂ්පාදන යන්ත්‍ර දෙකම අක්‍රියව තිබූ ජාතික කඩදාසි සමාගමට අයත් වාලච්චේන කඩදාසි කම්හල, 2020 ජුලි 30 වැනිදා සිට වාණිජමය වශයෙන් කඩදාසි නිපදවන තත්ත්වයට පත් කිරීමට විෂය භාර අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් හා සමීප අධීක්ෂණ යටතේ තමන් ඇතුළු නව අධ්‍යක්ෂක මණ්ඩලයට හැකිව ඇතැයි ජාතික කඩදාසි සමාගමේ සභාපති විමල් රූපසිංහ මහතා පවසයි.

වාලච්චේන කඩදාසි කම්හලේ 2010 සිට මුද්‍රණ කඩදාසි නිපදවන යන්ත්‍රය අක්‍රියව පැවැති බවත් 2015 දී බෝඞ් වර්ග නිපදවන යන්ත්‍රය ද අක්‍රිය වී ඇති බවත් පෙන්වා දුන් සභාපතිවරයා අවසන දී මෙම යන්ත්‍ර දෙකම අබලි ද්‍රව්‍ය ලෙස විකුණා දැමීමට පෙර පැවැති ආණ්ඩුවේ විෂය භාර ඇමතිවරයා, කැබිනට් පත්‍රිකාවක් මගින් අනුමැතිය ලබා ගෙන තිබූ බව ද සිහිපත් කර සිටියේය.