Breaking News

හෝමාගම පොලිස් සැරයන්වරියකටත් කොරෝනා!



Sri Lanka: Due Process Concerns in Arrests of Muslims | Human ...


පොලිස් සැරයන් වරියකුට කොරෝනා වෛරසය ආසාදන වී ඇති බව වූ බව තහවුරු වීම නිසා හෝමාගම පොලිස් අධිකාරී කාර්යාලයේ රාජකාරි කරන සියලු නිලධාරීන්ට ස්වයං නිරෝධනයට ලක් වන ලෙස දැනුම් දී තිබේ.

හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් කුමාර මහතා විසින් මෙසේ නියෝග ලබා දී ඇත.

එම කාර්යාලය රාජකාරි කරන පොලිස් අධිකාරී, සහකාර පොලිස් අධිකාරි කාර්යාලය සහ වංචා විමර්ශන ඒකකයේ සියලු නිලධාරීන්ට ස්වයන් නිරෝධනය වීමට දැනුම් දී ඇත.

එමෙන්ම ආසාදිත සැරයන්වරිය සමඟ සෘජු සබඳතා පැවැත්වූ සියලුම පිරිස් සඳහා ස්වයං නිරෝධයට උපදෙස් ලබා දී ඇත.

ඔවුන් සියලු දෙනා සඳහා කොරෝනා පරීක්ෂණ අද දිනයේ සිදුකිරීමට නියමිතය.