Breaking News

මැතිවරණයට අදාළ සෞඛ්‍ය උපදෙස් ඉදිරි දින දෙක තුළ ගැසට් කරනවා - සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි


24.04.2020 Hon Minister Pavithra Wanniarachchi Statement - YouTube



මහමැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉදිරි දින දෙක තුළ ගැසට් කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා මාධ්‍ය ප්‍රධානීන් අතර ඊයේ(16) පැවැත්වූ සාකච්ඡාවේ දී අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ය.

සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් කිරීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය තුළ පාර්ශ්ව කිහිපයකින් අදහස් පළ කර තිබුණි. මැතිවරණ කොමිෂන් සභාවද මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම කරුණු දක්වා තිබුණි.

ඒ අනුව ඉදිරි දින දෙක තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ පෛලිබඳව සාකච්ඡාවේ දී සඳහන් කළාය.