Breaking News

වැල්ලේ සුරංගගේ ගෝලයන් පොලිසියට කොටු!



Your Legal Rights If Arrested | Maryland State Bar Association – MSBA




සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘‘වැල්ලේ සුරංග’’ නමැත්තාගේ සමීපතමයින් දෙදෙනෙකු මෝදර, ලෙල්ලම ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මෝදර පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින්. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි සහ 40 හැවිරිදි මෝදර ප‍්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

සැකකරුවන් දෙදෙනා මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සැකකරුවන් දෙදෙනා සන්තකව තිබී හෙරොයින් ග‍්‍රෑම් 02 යි මිලි ග‍්‍රෑම් 720 ක්ද සොයා ගැනුණු බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර මත්පෙති 305 ක් සන්තකව සිටි සැකකරුවෙකු ගල්කිස්ස ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීමකදීයි. එලෙස අත්අඩංගුවට ගැනුණු මත්පෙති තොගයේ වටිනාකම රුපියල් එක්කෝටි තිස්හත් ලක්ෂ 2500 කට ආසන්න බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ.