Breaking News

පෙර පාසැල් ගුරුවරුන්ට මාසික දීමනාවක්!


President Gotabaya Rajapaksa – a thorough professional | Sunday ...





පෙර පාසල් පද්ධතිය  අමාත්‍යාංශයක් යටතට පවරා ගැටළු නිරාකරණයට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා.

ගත වූ දින කිහිපය තුළ ජනාධිපතිතුමා චාරිකා කළ සෑම දිස්ත්‍රික්කයකදීම පෙර පාසල් ගුරුවරුන් මුහුණපා සිටින ගැටළු එතුමාගේ අවධානයට යොමු කෙරුණා. ඊට අවධානය යොමු කළ ජනාධිපතිතුමා පෙර පාසල් ගුරුවරියනට මාසික දීමනාවක් ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇතැයි සඳහන් කර සිටියේ.

දරුවන්ගේ ජීවිතවල තීරණාත්මක අවධියක් වන පූර්ව ළමාවිය සංවර්ධනය සම්මත ප්‍රමිතියකින් සහ ගුණාත්මකභාවයෙන් යුතුව සැලසුම් කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා අවධාරණය කළේ.

නව රජය පිහිටුවීමෙන් පසු ප්‍රමුඛ කාර්යක් සේ සලකා පෙර පාසල් පද්ධතිය අමාත්‍යාංශයක් යටතට පත් කරන බව ජනාධිපතිතුමා පැවසීය.