Breaking News

MCC ගිවිසුම අත්සන් කිරීම පිළිබඳව අවසන් තීරණය මැතිවරණයෙන් පසු !



මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුම අත්සන් කිරීම පිළිබඳව අවසන් තීරණය අගෝස්තු මස පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසුව ගන්නා බව මෙරට ඇමරිකානු තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය පවසයි. තානාපතිනිය මේ බව පවසා තිබෙන්නේ මාධ්‍යවේදීන් පිරිසක් සමග අන්තර්ජාලය හරහා පැවැත්වූ සාකච්ඡාවකදීය.
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාල ගිවිසුම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කර තිබේ.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී මෙම ගිවිසුම ප්‍රධාන මාතෘකාවක් බවට පත් වූ අතර වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ඇතැම් දේශපාලනඥයන් ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරට පත්වීමෙන් පසුව MCC ගිවිසුම ඉරා දමන බවයි. කෙසේ වෙතත් ජනාධිපතිවරණයෙන් පසුව පත් වූ ආණ්ඩුවේ නායකයන් අවධාරණය කළේ අදාල ගිවිසුමේ අහිතකර වගන්ති අවම ප්‍රමාණයක් ඇති හෙයින් එම ගිවිසුම අත්සන් කිරීමේ ගැටලුවක් නොමැති බවයි.