Breaking News

වැලි ප්‍රවාහන බලපත්‍ර පරීක්ෂා කරන්න එපා !



රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නා තුරු වැලි ප්‍රවාහන බලපත්‍ර පරීක්ෂා නොකරන්නැයි වැඩබලන පොලිස්පති සී. ඩී වික්‍රමරත්න මහතා සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබේ.

ජුනි පළමු වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු ඛනිජ ප්‍රවාහනය සඳහා අවශ්‍ය වන ප්‍රවාහන බලපත්‍ර ක්‍රමය තාවකාලිකව ඉවත් කිරීමට ක්‍රියා කරන ලෙස පරිසර සහ වනජීවි සම්පත් අමාත්‍යවරයා තමාට උපදෙස් ලබාදුන් බව එහි සභාපති අනුර වල්පොල මහතා පසුගිය දා ප්‍රකාශ කළේ ය.